(ළහිරු හර්ෂණ)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් කොළඹ  විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ වී කොළඹ පුරහල දෙසට ගමන් කරති.

මාස ගනක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙස හා නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා මෙම පාගමන ආරම්භ කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පා ගමන කුමාරතුංග මුනිදාස මාර්ගය හරහා ඉදිරිපයට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති.