(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා තම හීන සැබැ කර ගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජාසන කතා කළ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් මිනිසුන්ගේ දුක නොතේරෙන අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක මේ ප්‍රශ්න විසඳිය හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එක් පැත්තකින් ගෑස් මිල තෙල් මිල ඉහළ යන විට තවත් පැත්තකින් විදුලි බිල වැඩි වීමට නියමිත බැවින් ජනතාවට හානිකර විකෘති ආණ්ඩුව ගෙදර පැන්නීමට එක්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ගොවි තැනට අවශ්‍ය කෘමිනාශකවල සිට පාසල් සිසුවාට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති බවත් එසේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ලෝකෙටම ණය වී පවත්වන නිදහස් දිනයේ ජංගම වැසිකිළි සඳහා ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයට රටේ බලය ලබාදෙමු....
බලලොබීන්ගේ බල තන්හාව ඉෂ්ටවෙද්දී ජනතාව වලපල්ලේ. .රටේ ප්‍රශ්න විසඳන්නේ බස් බෙදලද ? ඒවා එලවන්න අපේ සීයලාවත් හිටියනම් . සර්විස් කරන්න කීයක් යනවද ? ටයර් එකක් දාන්න කීයක් ඕනද ? එලවන කෙනාට සල්ලි දෙන්නේ කව්ද ? මරු, අතිගරු වෙන්න ඉන්න කෙනාගේ බුද්දිය. සන්තෝසයි .
හැම රෙද්දකම ඇදක් බලමින් ජනාධිපති සිහිනය දකිනවා මිස මුන්දැට වෙනත් දෙයක් දකින්නම බැහැ ඒ හරියට නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් සෙවීමක් වගේ කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ලිච්ඡවීන්ගෙ සමගිය දැකල ප්‍රශංසා කලා බුදු දහම අදහනවා කියලා මල්වට්ටිය අරගෙන පංසලට යනවා කාලෙකට ලක්ෂ ගණනක් බෙදාදෙනවා සසුනට අරුන කියනවා ඒත් එම දහම පිළිගන්නේ නැහැ රාජපක්ෂලානම් නිගන්ඨනාථ පුත්තගේ දහම පමණයි ඇදහීම කලේ, ඇති හැකි එවුන් හැම එකාම 1952 සිට රජවෙන්න බලපු නිසා තමයි මේ විනාශය සිදුවුණේ සුද්දා ගෙන් රට බේරා ගන්න ඔක්කොමලා එකතුවුනා කියලා එකෙකුට වත් තේරුම් ගන්න බැහැ ඇත්තටම දැන් වත් දේශපාලන පක්ෂ ලියාපදිංචිය නතර කරන්න ඕන ඒ වගේම ලියාපදිංචි වෙලා මැතිවරණ සදහා එම ලියාපදිංචි ලකුණින් ඉදිරිපත් නොවන පක්ෂ තහනම් කරන්නත් ඕන පක්ෂ රැකීමට ඉදිරිපත් වෙන ස්වාධීන කණ්ඩායම් හා ලියාපදිංචි වෙලා මැතිවරණ තරග නොකර මුදල් ඉපැයීම සදහා සිටින පක්ෂද තහනම් කරන්න ඕන රට හදන්න සැබෑ උවමනාවක් ඇත්නම් ජාතිය එකමුතු වෙන්න ඕන බලන්න ඇමරිකාව මැතිවරණ අවස්ථාවල බෙදී සිටියත් ආපදා අවස්ථාවල සැවොම එකාවන්ව ඉන්නවා ඉතින් ලංකාවෙ එවුන්ට එහෙම බැරි ඇයි