IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යලට ඇති තරම් ජලය

(අංජුල මහික වීරරත්න)

2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මීළඟ යළ කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැත්වූ සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.

මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර බොහෝ ප්‍රදේශ වල අස්වනු නෙළමින් පවතී.

පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමග සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග හා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ හා වැව්වල වගාවට අවශ්‍ය තරම් ජලය පවතින හෙයින්  වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට එකඟත්වය පළ කරන ලද බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

 



අදහස් (0)

යලට ඇති තරම් ජලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 572 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site