(යොහාන් භාසුර)
බත්තරමුල්ලේ පිහිටි ආගමනය හා විගමනය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දෛනිකව 5000 ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙන් එහි විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගන්නා ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් ඊයේ (8) නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙසේ පොලිස් ආරක්‍ෂාව දී ඇති බව දැනගන්නට ඇති අතර එහි සේවයට යොදවා ඇති ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයක පමණ කණ්ඩායමක් පොලිස් නිල ඇඳුමෙන් පැමිණෙන සහ ඔවුන්ගේ හිතවතුන්ගේ විදේශ ගමන් බලපත්‍රවලට මුල්තැන දෙන ආකාරය ද දැකගත හැකිය.
ජනතාව පෝලිම්වලින් සේවා කවුළුවට යොමුකිරීම සහ නියෝජ්‍ය පාලකවරු වෙත යොමු කිරීම ආදි සියලුම පාලනය පොලිසියට පවරා ඇති අතර පොලිසිය පොලිස් සහ සෙසු නිල ඇඳුම්වලට මෙන්ම හිතවත්කමට මූලිකත්වය දීමෙන් ජනතාවට දිගු කාලයක් පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබේ.
ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලය තූළ සහ ඒ අවට අද (8) පෙරවරුවේ විශාල ජනතාවක් දැකිය හැකි අතර එම දෙපාර්තමේන්තුවට සැලසුමක් නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් පැවසුවේ පොලිසියට පරිපාලන කාර්යයන් භාරදීමෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්කර ඇති බවය.
මෙම වර්ෂයේ (2023) පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වීම නිසා ඒ සඳහා විදේශ ගමන් බලපත්‍රය ගැනීම මෙම තදබදයට හේතු වී ඇති බවත් හදිසි අවශ්‍යතා සඳහා පමණක් එක්දින සේවයෙන් විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම කාර්යාලයට මීට පෙර ද පොලිසියේ සහ යුද හමුදාවේ ආරක්‍ෂාව ලබාගෙන තිබූ බව කී එම නිලධාරියා පොලිසිය හිතවතුන්ට සළකන බවට නොදන්නා බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ටම රට බාර දීල රට යන එක හැර වෙන කරන්න දෙයක් නැත.
ඔබේ බදු මුදල් හොඳින් භාවිතා වේ. ඉහළ සිට පහළට රාජ්‍ය සේවයේ දූෂණ ඔබට පෙනෙනවාද?
රටේ ජනතාව පිටරටවලට විකුණගෙන කන පාලකයින් සිටින රටක ඔබලාට මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැක. දේශපාලකයින්ගේ ජයග්‍රහණ වලදී තව සද්දෙට වෙඩි පත්තු කරමින් මහපාරේ කිරිබත් උයමින්, නට නටා කිරිපැණි ගිලපල්ලා. කරන ගොන් මෝඩ වැඩ වලට, ඔහොම වෙලා මදි උඹලට!!!!
අවශ්‍ය ප්‍රමානයට වඩා කිහිප ගුනයකින් රාජ්‍ය කයෝ ඉන්නව නම් , ජනතාව මෙ පාස්පොර්ට් ගන්නෙ මුදල් ගෙවල නම් , දැන් අවුරුද්දකට වැඩි කාලයක සිට මෙව සමාන්‍යය පරිදි නිකුත් කරගන්න බැරි නම් මෙක , අසාර්තක රජයක් මගින් පාලනය වන තවත් අසාර්තක ආයතනයක්.
ඉන්න හිතෙන රටක්..බයියන්ට දැන් සැපද?