
තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.
එවැනි එක් වීඩියෝවකින් දකින්න ලැබෙන්නේ සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරියක, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරුය.
දැරිය සහ ඇගේ සොහොයුරා වීඩියෝ කර ඇත්තේ ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බොහෝ දෙනකු මේ වනවිට share කර අවසන්ය.
ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද සිටී.
මේ නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි සිය ටිවිටර් ගිණුම ඔස්සේ ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්වලට කඳුළු ආවා ඒක දැක්කාම...
අනේ මේ ලස්සන සුරංගනාවිටයි, එයාගේ දේවදූතයෙක් වගේ මල්ලිටයි.., ජීවිතය බේරාගන්න ලැබේවා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. දුවේ ඔයාගේ ශක්තියට අපි ගරු කරනවා.
නුඹලාට බුදුසරණයි දුවේ... හරිම කණගාටුයි. ඒත් මොනවද කරන්නේ? බුදුසරණ පතනවා හැර... මෙහි උදව්වට සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි...!
විටෙක අයටත් සිතෙන්නට ඇති එක බඩවැල කඩාගෙන මාගේ සහෝදරයා රැකගන්න .විටෙක ඇයට සිතෙන්නට ඇති මගේ සහෝදරයාගේ ආරක්ෂකයා වෙන්න. විටෙක ඇයට සිතෙන්නට ඇති වේදනාකාරී බව සහෝදරයාට නොදෙන්න. විටෙක ඇයට සිතෙන්නට ඇති මම නුඹේ මව මෙන් නුඹ රැකගන්න .කෙසේ නමුදු අප දරුවනේ, නුඹලාට උණ විපත ගැන ඔබලාට සහය වන්නට එන්න විදිහක් නැතත් හදවතින්ම කම්පා වෙමි.