( ප්‍රසන්න පත්මසිරි)
පස්සර අත්තම් නිවාස ගම්මානයේ නිවසක් තුළදි කිරි ගවයින් තිදෙනෙකු මස් කර ත්‍රිරෝද රියක දමා මුදලට විකිණිම සදහා නගරය දෙසට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග වාහනයේ තිබු මස් කිලෝ 324ක් සමඟ අද (10) සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුණ තොරතුරකට ධාවනය වෙමින් තිබු ත්‍රිවිලරය නවතා පරීක්ෂා කිරීමේදි එහි පිටුපස ගව හිස් තුනක් සමග සතුන්ගේ මස් හා පාද තිබි ඇත.
ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරණ කිරි ගවයින් තිදෙනෙකු හොරට ගෙනවිත් නිවසේදි මස් කර මුදලට විකිණීම සදහා නගරයට ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනා සමග සත්ව මස් හා ප්‍රවාහනයට යොදාගත් වාහනය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න මහතා ඇතුලු නිළධාරීන් වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සර පොලිසියේ සියලු දෙනාට අපගේ උත්තමාචාරය...!