
(අජිත්ලාල් ශාන්තඋදය)
ශ්‍රී පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එම මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී අද(10) පාරෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ හෙළකින් පහළට පෙරළී තුවාල ලැබූ දොළොස් දෙනෙක් ගිලීමලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
දහවල් 01.00ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ හතළිස් පස් දෙනෙක් පමණ සිටි බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලිසිය සඳහන් කළේය. මෙම බස් රථය කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ ධාවනය වන බස් රථයක් බව ද පොලීසිය පැවසුවේය. සිරිපා වන්දනාකරුවන්ගේ පහසුව තකා විශේෂ බස් සේවා මේ දිනවල ක්‍රියාත්මකය.
මෙම බස් රථය පලාබද්දල මාර්ගයේ ගමන්වාර සඳහා අද යොදා තිබුනු එකකි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඉඳුරුව ප්‍රදේශයේ වංගුවකදී බස් රථය අඩි තිහක් පමණ වු පල්ලමකට පෙරලී ගොස් තිබුණි. බස් රථයේ ගමන්කළ පිරිස අතර සිරිපා වන්දනාවෙ ගොස් පැමිණි කිහිප දෙනෙකුද වන බවට සැකකරන්නේ යැයි පොලිසිය පැවසුවේය.

2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය පෙරැළි12 ක් රෝහලේ