(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක් බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහබැංකුවට කරන්න පුළුවන් දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් යැයි ගමට ගිහින් මිනිස්සුන්ට කියනවා බව කී ගුණවර්ධන මහතා මහ බැංකුවේ පොලී අනුපාතය පහත හෙලන්නැයි කියමින් ඉගෙනගත් මිනිස්සුන් ද පෙළපාළි යන බව කීය.
දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ තමයි ඒකෙ මුල්තැන ඉන්නෙ. කාලකන්නියා
විහිලු සපයන්න එපා ඇමතිතුමා
අවුරුදු 75 ඔයාලාගේ බොරු අහපු අපිට සහගහලා තියෙන්නේ
තාමත් ඔයාලා හැමෝම මේ මිනිහගේ බොරුව ඉවසනවා.
කටින්ද ඔය කතාකරන්නේ..? දැන් අවසාන කාලේ මරු කියවනවා. සොහොන් ලකුණු පේනවා වගේ... ඔබ සුවපත් වේවා...!
ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක්!!! එහෙම ගැහැව්වා නම් ඔහේ කොහේද ඉන්නේ? එකට ඉන්න යාළුවෝ ටික... ගුරාලා ටික... මහ ඉහළ යයි... තමුන් විසින්ම කියාගන්නා කොල්ලො කුරුට්ටෝ ටික...? හෙංචයියලා ටික...!
අප්පා... හරියටම ඇත්ත විතරක් කතා කරන කෙනෙක්... මේ අයට ගොක්කොළ හීනෙන් පේන්න පටන් අරන් වගේ. මරු කියවනවද මන්දා...?
ඉතින් ඔහේ පාර්ලිමේන්තුවට එවූ පක්ෂයේ ඔක්කොමලා එයින් පළමු තැනටම එනවා. ඒ නිසා මේක අහන්න ලැදිව රජෙක් බොරු බස් කී විගස, ඒ මිනිස් කය බොරුවෙන්, වංචාවෙන් රටේ විනාශය ඇතිකළ සියලු දේශපාලුවන් සහගත අපරාධයක් වගේම කල්ප ලක්ෂ කෝටි ගණනක් මිනිස් ආත්ම නොලැබ සතර අපායේ දුක් විදීමට හේතුවක් වෙනවා. ඒක ඔහේගේ මිත්‍රයාවන වයිමාටවත් වෙනස් කරන්න නම් බැහැමයි ලොක්කෝ...!
බුදු අම්මෝ මෙයා කියන බොරු... සුදුළූණු කන්ටේනර් පිටින් හොරාට විකුණන් කාපු සුදුළූණු එකපාරම හීනෙන් නැගිටලා වගේ, පේන හැටියට හීනෙන් සුදු කොඩ්යක්වත් දැක්කද?
එක්කෝ ඔයාට පිස්සු... නැතිනම් ඔයාගේ හැටි...
මහ බැංකුවේ ස්වාධීනත්වය ඔන්න මතක්වෙලා, පොහොට්ටු කබ්රාල් මහ බැංකුවේ අධිපති වෙනකොට එතන ස්වාධීනත්වයක් නොවන බව පෙණුනේ නැද්ද? රජයට පෙට්‍රෝලියම් එකට විදුලි බලයට එයා ලංකා එකට ප්‍රධාන බැංකු දෙකෙන් ණය දෙනකොට මහ බැංකුව නිදා හිටියේ ස්වාධීනත්වය නිසාද? ආණ්ඩුව කරපු නායකයින් මහ බැංකුවට බලපෑම් කළ නිසා නොවේද? දේශීය ණය කපාහරින්න කිියලා කිව්වොත් බැංකු දෙක හාන්සිවෙන බව දැන දැනත් මහ බැංකුවේ සද්ද නොකළේ ස්වාධීනත්වය රකින්නද?
කතාව ඇත්ත සහ ගැහුවානේ පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් පච හලලා කොච්චර නෝණ්ඩිවෙලා තියනවාද ඔබතුමා...?
එහෙනම් ඔහෙටත් දැන් සහගහලාද?
රාජාසන කතාව ඉවරවෙනකන් හිටියද සහගහන කතාව කියන්න? කාට සහගැහුවත් ජීවත් වෙන්න පවුලකට රුපියල් 2500ක් ඇති... කිව්ව කෙනාට නම් සහගහන්න එපා. එයාගේ කට කැපුවොත් ඇති...
ඔබ වගේ කෙනෙක්. මෝඩ මූසලයෙක්. එදා කිව්ව 2500න් කන්න පුළුවන් කියලා. මිනිස්සු මහපාරට ඇදලා දාපු ඔබලා ජනතා මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිත ගෙවනවා.
හැමදාම හොරු වෙනුවෙන් පෙනී ඉන්න බොරු පතුරවන ගුරු කමටත් නිගාකරනවා.
කතාව ඇත්ත. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම කියලා පට්ටපල් බොරු බේගල් ගහලා බලයට ආපු දූෂිත නායකයින්ට වෙච්චි දේ සියැසින්ම දැක්කා...
මෙතරම් කලක් බොරු කියලා, අදත් එය කරන ඔබතුමාට සහගහන්නේ නැත්තේ ඇයි කියලා අපට කියලා දෙන්නකෝ...!