(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා අනුමැතිය ලබා දීම රඳා පවතින්නේ ශ්‍රී ලංකාව තම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව තම නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවශ්‍ය මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එසේම ශ්‍රී ලංකාව අවශ්‍ය දේශීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා යෑමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසා ඇත.
ශ්‍රී ලංකාව ප්‍රමාණවත් මූල්‍ය සහතික ලබා ගත් සැණින් සහ අනිකුත් අවශ්‍යතා සැපිරූ සැණින් ණය මුදල ලබා ගැනීමට විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමුකළ හැකි යැයි එම ප්‍රකාශයේ දැක්වේ.
පැරිස් සමාජය සහ ඉන්දියාව මේ වන විට නිල වශයෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ලබා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ දමා ගැනීමටද අවස්ථාවක් හිමිවේ.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක් පමණ වූ බාහිර ණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් චීනය, ජපානය සහ ඉන්දියාව අතර බෙදී යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පැරිස් සමාජය සහ ඉන්දියාව මේ වන විට නිල වශයෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ලබා දී ඇත".චීනයත් සහතිකයක් දුන්නේ නැද්ද?
කවදා ලැබෙන ණයක්ද මේ? අනික ලැබුණත්, ලැබෙන්නේ සොච්චමයි. අපේ මුළු ණය ප්‍රමාණයෙන් 6%යි...
ඕක ලැබුණා කියන්න... ඒත් අපි බංකොළොත් රටක්, තවත් ණය ගැනීමට පහසුවක් ලැබිය හැකියි. අදහස තවත් ණය, ඉදිරියට ගෙවීමට ඇති ණය හිතා ගන්නවත් බැරිවේවි. මෙයා හැමදාම කලේ මේකනේ...
ඉස්සර නම් මෙහෙම ඒවාට කිව්වේ බල්ලෙක් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්කම නැගිටින්න වෙනවා කියලා. කළයුතු වැඩ සටහනක් නැතුව ඕනෑම දේකට ණය දෙනවා කියලා පාර්ලිමේන්තුවේ හිටපු පරණම 1(970 සිටම ) කෙනෙක් කිව්වේ IMF එකේ කොන්දේසි වැඩිනිසා එහෙන් ගන්න බැහැ කියලා....
ගොබ්බයින් බලාගෙන හිටියාට ඔය මුදල කවදාක්වත් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව ණය ගෙවන්නේ නැහැ කියා ප්‍රකාශ කරලා කියන රටක්... ණය නොගෙවන රටකට නැවත ණයක් දෙන්නේ නැහැ.... මේවා කවදා තේරෙයිද?
මේකට තමයි කියන්නේ වත්ත බද්දට දීලා ඉස්සට දත නියවනවා කියලා .අපේ ඩොලර් සංචිත තිබුනානම් මෙහෙම අලකලංචි වෙන්නේ නැහැනේ