(ඉන්දිකා රාමනායක)
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වූ මාකදුරේ මදුෂ් ගේ ගෝලයෙකු කේරල ගංජා තොගයක් සමග විශේෂ කාර්ය බළකාය මගින් නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මදුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී මීට පෙර අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ පුද්ගලයකු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු කුඩා ලොරි රථයකින් පොල් අලෙවිi කරන මුවාවෙන් උතුරු ප්‍රදේශයට ගොස්.කේරල ගංජා තොග වශයෙන් රැගෙන එන බවත් යාපනය සිට කොළඹ දක්වා ඔහු මහා පරිමාණයෙන් කේරළ ගංජා බෙදා හරින බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව නවගමුව ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ලොරියේ කේරළ ගංජා කිලෝ 15ට අසන්න ප්‍රමාණයක් තිබී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මධුෂ් ගේ ගෝලයෙක් කේරළ ගංජා එක්ක මාට්ටු
Mahasen Monday, 13 February 2023 08:24 AM
ඔය අල්ලන කිලෝ ගනන් කලකින් පිදුරු වෙනවා මයෙ හිතේ .