
(සුජිත් හේවාජුලිගේ )
තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී තල් රා මොක්ටේල් ආකාරයට පිළියෙල කර ලබාදීම විශේෂත්වයක් බවද සඳහන් කළේය.
තල් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයට හඳුන්වාදීමේ ව්‍යාපාරික හමුවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් පසුගියදා සංවිධාන කෙරිණ. එංගලන්තයේ බෙදාහැරීම් නියෝජිත එස්.ජෙගන් මහතා තල් ආශ්‍රිත භාණ්ඩ ප්‍රවර්ධනය සහ එම භාණ්ඩ අගය එකතු කර විදේශීය වෙළෙඳ පොළට එක් කිරීම පිළිබඳව එම පිරිස මෙහිදී දැනුවත් කළ බව ක්‍රිෂාන්ත පතිරාජ මහතා කීවේය.
මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන, වෙළෙඳ ලේකම් සෝමසේන මහදිවුල්වැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු යුද්ධය නිසා දැන් මැදපෙරදිග හුඟාක් නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙලා... ඒ නිසා තව ටික දවසකින් ඇවිත් මෙහේ පදිංචි වෙන්නත් පුළුවන්...!
ඇයි මේ ගැහැණුන්ව ‘‘රා එකතු කරන්න‘‘ ලෝකෙ වටේ යවන්නේ? අපේ රටේ ඉන්න කළු ගොරකයෝ මේගොල්ලන්ගේ සුදට වහවැටිලා රා ටික නොමිලේ හෝ දෙයි කියලද?
රෝහල්වල බෙහෙත් නැති වෙලාවකට මහජන මුදල් නාස්තියක් විතරයි. අපට අපනයනය කිරීමට ප්‍රමාණවත් නැහැ. මිල සහ ගුණාත්මකභාවය අසමසමයි.