හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර තෙල් සංස්ථාවේ ඉහළ පුටුවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ. 14 February 2023
විශ්‍රාමික නි. මැ.කෝ ලා කීපදෙනක් මැතිවරණ කොමිසමට මැතිවරණ කොමිසන් සභාවට අලුතින් සභිකයන් පත්කිරීමේදී විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඊට පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි. 14 February 2023
තැපැල් ඡන්දය කල් යයි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. 14 February 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 February 2023
රට විරුවන්ගේ දායකත්වය ඉහළට පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සියයට 68.8කින් ඉහළ ගොස් ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 14 February 2023
මේ රනිල් තනියම ගහන ගේම් එකක් ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 14 February 2023
මාඔයට පැන්න සිසුවාගේ සිරුර දින තුනකට පසු හමුවේ තෝප්පුව පාලමෙන් මාඔයට පැන්න 17හැවිරිදි සිසුවාගේ සිරුර අද දහවල් 2 ට පමණ සොයාගත් බව මීගමුව කොච්චිකඩේ පොලිසිය පවසයි. 14 February 2023
‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘ රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී සියලු බලවේග සමග සමගි ජනබලවේගය කටයුතු කරණ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 14 February 2023
වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි 2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි . 14 February 2023
විදුලිබිල ගැන සාකච්ඡා කඩා වැටේ විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්වූ බව එම ආයතන ප්‍රධානීහු ජාතික සභාවට අද (14) දැනුම් දුන්හ. 14 February 2023
‘‘සේපාල සමස්ථ බෞද්ධයන්ගෙන් සමාව ගන්න සූදානම්‘‘ දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ මෙම 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 14 February 2023
මත්තල පාළුව මැකෙයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි. 14 February 2023
පඩි ගැන ඇහුවැයි ජවිපෙ මන්ත්‍රීවරු සභාවෙන් යති ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ අද (14) අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියහ. 14 February 2023
වරායේ වාහන විකුණන්න ව්‍යාජ ටෙන්ඩරයක් කැඳවලා වරාය අධිකාරිය සතු වාහන 1121 ක් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවට ව්‍යාජ ලිපියක් සාමාජ මාධ්‍යවල සංසරණය වන බවත් එවැනි වාහන ප්‍රමාණයක් අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවා නොමැති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 February 2023
මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් නෑ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. 14 February 2023
පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. 14 February 2023
වැඩිහිටි කතකගේ සිරුරක් දියවන්නාවේ පාවෙයි වැඩිහිටි කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13) උදේ සොයා ගන්නා ලදැයි වැලිකඩ පොලීසිය පවසයි. 14 February 2023
ණය ගැන සාකච්ඡාවට 17 සමුළුවක් චීනය , ඉන්දියාව ,සෞදි අරාබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී7 සාමාජික රටවල් වල සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එළඹෙන 17 වැනිදා පැවැත්වෙන ණය පිළිබඳ වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 14 February 2023
වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ ‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි. 14 February 2023
නව සුරාබදු පනතට අනුමැතිය නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 14 February 2023
වී වලට චක්‍රලේඛයක් රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ. 14 February 2023
පැය 182 කට පසු 13 හැවිරිදි පුතෙක් බේරා ගැනෙයි තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව ඇත. 14 February 2023
කැමිලට ආයෙත් ‘කොවිඞ්’ බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ. 14 February 2023
ඉඩම් අරවුලකට කෝෂයක් කපලා තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට පහරදීමෙන් වෘෂණ කෝෂය කැපී බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත. 14 February 2023
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් ජුනි 1දා සිට තහනම් වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 14 February 2023
ජපානයෙන් සුව සේවයට අතහිත මෙරට සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ජපන් යෙන් බිලියන 5 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක් පමණ) ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර ඇත. 14 February 2023
නෙඩුමාරන්ට හමුදාවෙන් උත්තර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාරකන් 2009 මානුෂීය මෙහෙයුමේ අවසන් වෙඩි හුවමාරුවේදී මරණයට පත්වූ බවත් තමිල්නාඩුවේ දේශපාලඥායන් කුමක් ප්‍රකාශ කළත් ප්රභාකරන් ජීවතුන් අතර සිටින බවට එම ප්‍රකාශවලින් තහවුරු නොවන බවත් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 14 February 2023
පළාත් කීපයකට පොඩි වැස්සක් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2023
මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 14 February 2023
සද්දන්තයකුගේ දළ ලක්ෂ 50කට විකුණන්න ගිහින් අඩි හතරකට ආසන්න දිගින් යුත් ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 50 කට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. 14 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026