ගාසා තීරයේ හමාස් විරෝධතා දකුණුදිග ගාසා තීරයේ පලස්තීන වැසියෝ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන බව වාර්තා වේ. 22 May 2025
පලස්තීන බටහිර ඉවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ ජෙනින් නුවර පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරය එල්ල වෙද්දී යුරෝපා සංගමයේත්, අරාබි සහ ආසියානු රටවලත් නියෝජිතයන් පිරිසක් සරණාගත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී සිටියහ. 22 May 2025
ඇමෙරිකාවේ ඊශ්‍රායල නිලධාරීන් මරා දමලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ඝාතනයට ලක් වුණු බව පැවැසෙයි. 22 May 2025
දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා පළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 22 May 2025
ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානය ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇත. 22 May 2025
නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමඟ, යළිත් වරක් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත. 22 May 2025
බුකර් සම්මානය බානු මුස්‍තාක්ට දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ලද ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනය වෙනුවෙනි. 22 May 2025
බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. 22 May 2025
ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක් ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුන්වා දීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. 21 May 2025
ඇමසන් වනාන්තරයේ බන්ධනාගාරයක් හදනවා ඇමසන් වනාන්තරයේ, අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීමට ප්‍රංශය සූදානම් වෙයි. මෙම බන්ධනාගාරය ඉදි කෙරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ප්‍රංශ ගියානාවේය. 21 May 2025
ආසියානු රටවල නව කොවිඩ් ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 20 May 2025
ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. 20 May 2025
යුක්රේන ජනාධිපති නව පාප්තුමා හමුවෙයි අභිනවයෙන් පාප් ධුරයට තේරී පත්වුණු 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ ද ඊට සහභාගී වූහ. 19 May 2025
නව පාප්තුමාට ධීවරයාගේ මුදුව 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර, එහිදී එතුමන්ට ‘ධීවරයාගේ මුදුව’ පිරිනැමුණි. පාප්තුමන්ගේ මුදුව යනු එක් එක් පාප්තුමාට විශේෂ වෙයි. පාප්තුමාගේ අභිමානය වන්නේත්, එතුමන්ගේ උත්තරීතර සංකේතය වන්නේත් මෙම මුදුවය. 19 May 2025
විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය අයත් අප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්‍යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි. 19 May 2025
රුමේනියා මැතිවරණයේ ප්‍රතිඵල එයි යුරෝපා රටක් වන රුමේනියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එරට බුකාරෙස්ට් නගරාධිපති ලෙස කටයුතු කළ නිකුසෝර් ඩාන් ය. 19 May 2025
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 19 May 2025
ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිපිරීමක් ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එරට එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය නිවේදනය කළේ එය ත්‍රස්ත ක්‍රියාවක් බවය. 18 May 2025
රුවල් නැවක් නිව්යෝක් පාලමේ හැපෙයි මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය. 18 May 2025
පුටින් අමතන්න ට්‍රම්ප් සැරැසෙයි රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් සිදුවන ලේ වැගිරීම් නැවැත්වීමේ අරමුණින් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 18 May 2025
යුක්රේන බසයකට රුසියන් ප්‍රහාරයක් ඊසානදිග යුක්රේනයේ, බස් රථයකට රුසියන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් 9 දෙනකු මියගිය අතර තුවාල ලැබූ ගණන 7 කි. 18 May 2025
ටෝනාඩෝ සුළි කුණාටු ඇමෙරිකාවේ 25 ක් බිලිගනී ඇමෙරිකාවේ ජනපද දෙකක් හරහා ටෝනාඩෝ සුළි කුණාටු හමා ගියේය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුළි කුණාටුවලින් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවය. තුවාල ලැබූ ගණන 38 කි. 18 May 2025
මෙලානියාගේ පිළිමය හොරු අරන් ස්ලොවේකියාවේ ඇති, ඇමෙරිකා ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ ලොකඩ පිළිම අතුරුදන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 18 May 2025
පලස්තීනුවන් මිලියනයක් ලිබියාවට යැවීමේ සැලැස්මක් ගාසා තීරයේ පලස්තීනුවන් මිලියනයක්, ලිබියාවට යවා ලිබියාවේ පදිංචිකරවීමේ වැඩපිළිවෙළකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි. 18 May 2025
ෆින්ලන්තයේ හෙලිකොප්ටර් දෙකක් ගැටී පහක් මරුට ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත්වූයේ සිවිල් හෙලිකොබ්ටර් යානා දෙකකි. 18 May 2025
සල්මාන් රුෂ්ඩිට පහර දුන් තරුණයා වසර 25 ක් හිරේ සම්මානලාභී ලේඛක සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළ 24 හැවිරිදි තරුණයාට වසර 25 ක සිර දඩුවමක් නියම විය. 18 May 2025
න්‍යෂ්ටික අවි දැරිමට පාකිස්තානයට අයිතියක් නෑ උඩගෙඩිදෙන පාකිස්තානය වැනි රටක් න්‍යෂ්ටික අවි දැරීමට සුදුසු නැතැයි ඉන්දියාව පවසයි. ඉන්දීය රජය වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ය. 18 May 2025
ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළකට යෑමට හැකිවේවිදැයි බැලීමටත් කටයුතු කරන බව ඉන්දීය රජය පවසා ඇත. 16 May 2025
කටාර් සංචාරය අවසන් ට්‍රම්ප් එමිරේට්ස් රාජ්‍යයේ සෞදියේත්, කටාර් රාජ්‍යයේත් නිල සංචාර අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේය. මෙය ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේ අවසන් නැවතුම විය. 16 May 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026