ස්පුට්නික් එන්නතට අනුමැතිය දෙන්න සැරැසෙයි රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමට අදාළ ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 08 October 2021
නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියා නවකතාකරුට මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉංග්‍රීසි බසින් පොත් ලියන ටැන්සානියා ලේඛක අබ්දුල් රසාක් ගුර්නාර්ට පිරිනැමීමට තීරණය කළ බව ස්වීඩන ඇකඩමිය පවසා තිබේ. 07 October 2021
’ෆේස්බුක්’ මනස අවුල් කරනවා ’ෆේස්බුක්’ සමාජ මාධ්‍ය ජාලය තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවත්, සමාජයේ බෙදීම් ඇති කරන බවත් ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයට බරපතල තර්ජනයක් බවත් ’ෆේස්බුක්’ සමාගමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ ෆ්රාන්සෙස් හෝගන් ඇමෙරිකන් සෙනෙට් උප කමිටුවක් හමුවේ පැහැදිලි කර තිබේ. 06 October 2021
වෛද්‍ය විද්‍යා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග පිරිනමයි මෙම 2021 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී තිබේ. 06 October 2021
චීනය - තායිවානය නොසන්සුන් චීනයත්, තායිවානයත් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය වසර 40 ක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරී ඇතැයි තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කරයි. 06 October 2021
සකර්බර්ගේ ධනය අඩුවෙලා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඇතුළු ඊට අයත් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් පැය හයක කාලයට බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ගේ පෞද්ගලික ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 6කින් අඩු වී ඇතැයි ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 05 October 2021
වැඩිම දින ගණනක් වැසුණු නගරය ’කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වැඩිම දින ගණනක් එක දිගට වසා තැබූ නගරය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 05 October 2021
කොරෝනා බෙහෙත් කරල ඇණවුම් කරයි ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුපියවියර්’ නමැති බෙහෙත් කරල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමත් සමඟ එය ඇණවුම් කිරීමට තායිලන්තය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 05 October 2021
තලේබාන්වරුන් අමු අමුවේ ඝාතන කරනවා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට, එරට ජීවත් වන වාර්ගික ජනකොට්ඨාශයක් ලෙස සැලකෙන ’හසාරා’ වැසියන් අමු අමුවේ මරා දමන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි. 05 October 2021
කොවිඩ් මරණ වෙනුවෙන් පාරිතෝෂික දීමනාවක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් 50,000ක පාරිතෝෂික දීමනාවක්/සහනයක් ලබාදීමේ ප්‍රතිපත්තියට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමි වී තිබේ. 04 October 2021
ඉන්දු-චීන එන්නත්වලට ඕස්ට්‍රේලියාව අනුමැතිය චීනයේ නිෂ්පාදිත ’සිනෝවැක්’ සහ ඉන්දියාවේ නිෂ්පාදිත ’ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 04 October 2021
කාබුල් දේවස්ථානයක් අසල පිපිරීමක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දේවස්ථානයක් අසල පිපිරීමක් සිදුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 03 October 2021
පාකිස්තානයට අලුත් අනතුරු ඇඟවීමක් ඉදිරි දශකයේදී මුළුමනින්ම ජල හිඟයකට මුහුණදෙන ලොව පළමු රට බවට පාකිස්තානය පත්වනු ඇතැයි විද්‍යඥයෝ අනතුරු අඟවති. 03 October 2021
දේශපාලනයෙන් විශ්‍රාම යනවා - පිලිපීන ජනපති ඩුටර්ටේ ජනාධිපති ධුර කාලය මෙම වසරේ අවසන් වීමෙන් පසු තමන් තවදුරටත් දේශපාලනයේ රැඳීමට උත්සාහ නොගන්නා බවත් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කළ බවත් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසා ඇත. 02 October 2021
මෙල්බන් ආසාදිතයන් අඩු නෑ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලොක්ඩවුන් කර මාස දෙකක් ගත වුවත්, ’කොවිඩ් 19’ ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. 01 October 2021
ප්‍රංශ හිටපු ජනපති සාර්කෝසිට සිරදඩුවම් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කළේය. 01 October 2021
නව්ජෝත් සිං පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ ප්‍රධානියා ලෙස කටයුතු කළ නව්ජෝත් සිං සින්දු එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ, කොංග්රස් පක්ෂයේ නායකයන් සිවුදෙනකු සිය තනතුරුවලින් ඉවත් වී ඇත. 30 September 2021
ජපානයේ හදිසි තත්ත්වය ඉවතට ජපානයේ ’කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අඩුවීමට පටන්ගෙන ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව යමින්, ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර තිබේ. 30 September 2021
බැංකොක් අගනුවරට ගංවතුර තර්ජන තායිලන්තයේ බැංකොක් අගනුවර ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි රජය අනතුරු අඟවා තිබේ. 30 September 2021
එන්නත ගැන බොරු කී වීඩියෝ ඉවතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත සියලුම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සකස් කරන ලද අසත්‍ය ප්‍රචාර ඇතුලත් වීඩියෝ පට සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව යූ ටියුබ් ආයතනය පවසයි. 30 September 2021
ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂිඩා ජපානයේ පාලන පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණු හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන ෆුමියෝ කිෂිඩා සමත් විය. 29 September 2021
ජපානය තෙවැනි මාත්‍රාව දෙන්න සූදානම් තුන්වැනි කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබා දීමට ජපාන රජය අනුමැතිය දී ඇත. 28 September 2021
බලු මස් තහනම් කරනවා දකුණු කොරියාවේ බලු මස් තහනම් කිරීමට එරට ජනාධිපති මූන් ජේ ඉන් සූදානම් වෙයි. 28 September 2021
බයිඩන් බූස්ටර් එන්නත ලබා ගනී ඇමෙරිකාවේ අවුරුදු 60 වැඩි වැඩිහිටියන් සඳහා ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස ’ෆයිසර්’ එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් ද එම තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තේය. 28 September 2021
අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තාවෝ වැඩියි යුරෝපා රාජ්‍යයක් වන අයිස්ලන්තයේ මහ මැතිවරණය පසුගිය 25 වැනිදා පැවැත්වුණු අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වී තිබේ. 27 September 2021
විදෙස් ලොරි රියදුරන්ට බ්‍රිතාන්‍ය වීසා මහා බ්‍රිතාන්‍යය මුහුණ දී සිටින, ලොරි රියදුරන්ගේ හිඟය ට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට එරට තීරණය කර තිබේ. 27 September 2021
බයිඩන් ප්‍රධානත්වයෙන් පැවැති ක්වොඩ් සමුළුව ක්වොඩ් රටවල රාජ්‍ය නායකයන්ගේ හමුවක් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දී පැවැත්විණි. 27 September 2021
සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට සමරිසියන්ට විවාහ වීම ඇතුළු සම අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව අනුමැතිය ලබා දුන්හ. ඒ සඳහා ඊයේ (26) පැවති ජනමත විචාරණයේ දී ඊට පක්ෂව ජන්ද සියයට 64.1ක් හිමි විය.විරුද්ධව ඡන්ද සියයට 35.9ක් ලැබිණි. 27 September 2021
බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක් ලොව බලසම්පන්න ආර්ථිකට හිමිකම් කියාන බ්‍රිතාන්‍යය මේ දිනවල දැඩි ඉන්ධන හිගයකට මුහුණ දී සිටිති. 27 September 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026