හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හට කොරනා රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ට්වීටර් පණිවිඩයක් තබමින් හිලරි පැවසුවේ ”මට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා, මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළත් මට අමාරුවක් දැනෙන්නෙ නැහැ”
වයස 74 ක් වූ හිටපු රාජ්‍ය ලේකම් හිලරි එන්නත් දෙක මෙන්ම බුස්ටර් එන්නත ද ලබා ගෙන ඇත. හිලරි තම අනුගාමිකයන්ට පැවසුවේ එන්නත් ත්‍රිත්වයම ලබා ගෙන නැතිනම් වහාම ලබා ගන්නා ලෙසයි.
හිලරි ක්ලින්ටන් ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හට කෝවිඩ් රෝගය වැළඳී නැති අතර ඔහු මේ වන විට නිරෝධායනය වී සිටිතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි පැවසුවේ හිලරි හට කෝවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් එළඹෙන රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ හදිසි රැස්වීම් කිහිපයක් සඳහා සංවිධානය කර තිබූ යුරෝපා සංචාරය මග හැරෙනු ඇති බවයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ... අන්තිමට ඔවුන්ගේ එන්නත් ගත්තු අපිටයි කෙළ වුණේ...