132 දෙනකුට මරු කැදවමින්, චීනයේ 'චයිනා ඊස්ටර්න්' ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය හිටිහැටියේ බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍යවලට ලැබී ඇත.
අඩි 29,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු යානය හිටිහැටියේ දෝෂයකට ලක් වුණු බවත් එය එසැණින් ඉහළ සිට පහළට අතහැරියාක් මෙන් පහළට කඩා වැටෙන අයුරු එම වීඩියෝ දසුන්වල දැක්වෙයි.
කදුකර ප්‍රදේශයක කන්දක් මතට කඩා වැටෙන යානය පිපිරී විනාශ වන අතර, ඒ සමග අවට වනාන්තර ප්‍රදේශයේ ගින්නක් ද හටගනී.
කඩා වැටුණේ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකි. යානය චීනයේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන මගී ගුවන් යානයක් බව ද පැවැසෙයි.
යානය අනතුරට පත්වීම ඇසීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බවත් ඒ ගැන පුළුල් විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත.
(ඩේලිමේල්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටිහැටියේ අහසින් වැටුණු යානය