
තවත් රුසියානු ජෙනරාල්වරයකු යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ මියගිය බව යුක්රේනය පවසයි.
ඒ අනුව පසුගිය පෙබරවාරි 24 දින සිට මේ දක්වා රුසියානු ජෙනරාල්වරුන් 5 දෙනකු මියගොස් ඇතැයි ද යුක්රේන බලධාරීහු පෙන්වා දෙති.
අවසන් වරට මියගියේ ජෙනරාල් ඔලෙග් මිට්යෙව්ය. ජෙනරාල් ඔලෙග් සහ ඔහුගේ හමුදා සේනාංකය, යුක්රේනයේ මරියුපෝල් නගරයේදී යුක්රේන හමුදා ප්‍රහාරයට ලක්ව මියගියේ යැයි ද පැවැසෙයි.
රුසියන් යුක්රේන ගැටුම් හේතුවෙන් මේ දක්වා රුසියානු හමුදා සෙබළුන් 14,700 කට අසන්න ප්‍රමාණයක් මියගොස්, යුද ටැංකි 476, ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් 200, සන්නද්ධ රථ 1487 ක් විනාශ වී ඇතැයි යුක්රේනය වැඩි දුරටත් කියා සිටී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd