IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රුසියාවට පරම්පරා ගණනක් පසුතැවෙන්න වේවි

යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය වහා අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් පසුතැවීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුක්රේන හමුදාවෙන් රුසියන් හමුදාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, රුසියන් හමුදාවේ 10,000 කට වැඩි සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද බටහිර මාධ්‍ය පවසයි.

“යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින් ප්‍රමුඛ රුසියන් රජයේ ඉහළ පෙළ කිහිප දෙනකුට පමණයි. රුසියන් වැසියන් යුද්ධයකට කැමැත්ත දක්වන්නේ නැහැ. යුක්රේන ආක්‍රමණයට ගිය රුසියන් සොල්දාදුවන් පවා හරිහැටි දන්නේ නැහැ ඔවුන් යුද්ධ කරන්නේ ඇයි කියලා” යැයි යුක්රේන ජනාධිපති සෙලෙස්කී පවසා තිබේ.

මේ අතර රුසියන් යුක්රේන ගැටුම් හේතුවෙන් යුක්රේනයේ මිලියන 6.5 කට සදහටම ඔවුන්ගේ ගම්බිම් සහ නිවාස අහිමි වී ඇති බවත්, මිලියන 3.3 ක් යුක්රේනය අතහැර ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන වැසියන් ගණන 847 තෙක් ඉහළ ගොස් ඇතැයි යුක්රේන රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවට පරම්පරා ගණනක් පසුතැවෙන්න වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site