
රුසියානු හමුදා අපකීර්තියට පත් කරමින් ඔවුන් පහරදුන් බව මවා පාමින්, යුක්රේනයේ ජාතිකවාදී සන්නද්ධ කණ්ඩායමක්, එරට ලවිව් නගරයේ ඇමෙරිකානු සහ බටහිර රටවල රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලිවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ඇතැයි තමන්ට අනාවරණය වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනශෙන්කොව් පවසයි.
යුද ගැටුම් මධ්‍යයේ රුසියානු හමුදා වෙත බාර වූ යුක්රේන බුද්ධි නිලධාරියෙකුගෙන් ලබා ගත් තොරතුරු අනුව, මෙම සැලැසුම අනාවරණය වූ බව ද රුසියානු ආරක්ෂක අමත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කරයි.
රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුම ආරම්භ කරද්දී, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් ඔවුන්ගේ තානාපති කාර්යාල තාවකාලික ලෙගස කිව් අගනුවරින් ලවිව් නගරය වෙත මාරු කරන ලදී. ලවිව් නගරය යුක්රේන ජාතිකවාදීන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd