
රුසියන් යුක්රේන අර්බුදයේදී, චීනය සිටින්නේ 'හරි පැත්තේ' යැයි චීන විදේශ ඇමැති වොංග් ඊ පවසයි.
චීන විදේශ ඇමැතිවරයා මෙසේ පැවැසුවේ රුසියන් යුක්රේන අර්බුදයේදී චීනය යුක්රේනයේ පැත්ත ගත යුතු යැයි බටහිර රටවල් දිගින් දිගටම චීනයට බලපෑම් කිරීමත් සමඟය.
චීනය සහ රුසියාව අතරේ පවතින්නේ සමීප සබඳතාවකි. රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් ට චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ කොන්දේසි විරහිතව සහාය දෙන බවය.
යුක්රේන අර්බුදයේ දී චීනය රුසියාවට හමුදාමය ආධාර ලබා දුන්නොත්, දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකාව දිගින් දිගටම අනතුරු අගවා ඇත.
යුද්ධය නැවැත්විය යුතු යැයි චීනය රුසියාවට පවසා ඇති නමුත් රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බව පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd