රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුක්රේනය සම්බන්ධ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම තුන්වෙනි වතාවටත් කල් දැමුණි.
”යුක්රේනයේ පිරිහෙන මනුෂ්‍ය තත්ත්වය” මැයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෙම යෝජනාවට රුසියාවේ මිත්‍ර රාජ්‍යයන් වන ඉන්දියාවේ සහ චීනයේ සම අනුග්‍රාහකත්වය ලබා දීවි යැයි තහවුරු කරගැනීමට නොහැකි වූ නිසා ඡන්ද විමසීම තුන්වෙනි වතාවටත් කල් දැමීමට සිදු වූ බව එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිත වැසීලි නෙබෙන්සියා පැවසුවේය.
මෙම යෝජනා කෙටුම්පත සඳහා ඡන්දය පැවැත්වූවත් බටහිර රාජ්‍යයන් විසින් නිෂේද බලය යොදාගනිමින් එය පරාජය කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd