
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනා දක්ෂ ජිම්නාස්ටික් ශූරියකි.
අලීනා කබෝවා තමන්ගේ පෙම්වතිය යැයි රුසියානු ජනාධිපති පුටින් කිසිදු අවස්ථාවක පිළිගෙන නැත. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් ඕපාදූප වෙබ් අඩවි පවසයි.
පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.
ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අලීනා, වහා එරටින් නෙරපා දමන්නැයි රුසියාවේත්, යුක්රේනයේත්, බෙලරුස් රාජ්‍යයේත් සිටින පුටින් විරෝධීන් අන්තර් ජාලය හරහා පෙත්සමක් සකස් කර ඇත. එම පෙත්සමට මේ වනවිට අත්සන් 55,000 ක් ලැබී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.
අලීනා කබෝවා, පුටින්ගේ කීමට අනුව, රුසියානු දේශපාලනයට ද සම්බන්ධ වූ තැනැත්තියකි. ඇය වසර 6 ක් පාර්ලිමේන්තු නියෝජිතවරියක ලෙස පුටින්ගේ එක්සත් පාලක පක්ෂය නියෝජනය කළාය.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒකට තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අන්න එහෙම අය තමයි අපෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්නේ. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අපි නම් ඔ්වට නැහැ කියන්න වගේ අත් පිහදාගෙන අනිත් අයව කුලප්පු කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරන්නෙ ඔහොම තමයි.
හරින් මහත්තයා? අමාත්‍යාංශ ටිකක් ගන්න බලාගෙන වෙන්න ඇති. මොවුන් රටින් පන්න ගන්න ලැබුණොත් රට හදන්න පුළුවන්.