
(නිමල් ජයරත්න)
කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි වගා කරන කුඹුරු සැලකිය යුතු මට්ටමකින් වගා කටයුතු නතර කරන්න වෙනවාමයි. දැනට වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක්වත් නතර කළේ නැත්නම් ගොවි මහත්තුරුයි, රටේ ආර්ථිකයයි, කෘෂි කර්මාන්තයයි බරපතළ අර්බුදයකට යනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.
පොළොන්නරුව හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ අද පැවති සුපිරි වී යාය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට වී වගාවේ ඵලදායිතාව ඉහළ නංවා හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 10 ක් දක්වා අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "සුපිරි වී යාය "ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් කතා කළ ලාල් කාන්ත මහතා මෙසේද සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග වෙළඳපොළට දැම්මොත් වී මිල තවත් වැටෙනවා. හාල්මිලත් වැටෙනවා, හාල්මිලත් ඕනෑවට වඩා වට්ටන්න බෑ
එහෙනම් අපට සහල් පදනම් කරගත්ත වෙනත් උත්තරයක් හොයන්න වෙනවා. එක්කෝ රටින් පිට කරන්න ඕන, අපි හොයමින් ඉන්නෙ මේ දවස්වල. එළැඹෙන මාස් කන්නේ අස්වන්න එන්න කලින්, අපට බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා, ගොවි මහත්තුරු වී වගා කරත් විකුනන්න තැනක් නෑ ලංකාවේ.ඒක තමයි ඇත්ත.දැනටත් අපි ළඟ බඩු තියනවා පිරිලා. අපි යන්න ඕන වෙනත් බෝග වලට. ඒ නිසා අපි හම්බන්තොටින් පටන් ගත්තා කුඹුරු අක්කරයකින් අටෙන් එකක් කුරක්කන් වලට යොමු වෙන්න.ඒකට අපි අමතරව රුපියල් දාහදාහකුත් දෙනවා. කුරක්කන් හිටවන්න ඕනි. අලුතින් කුඹුරු අක්කරයක් වත් වැඩි කරන්න ඕනෑ නෑ. එහෙම කිව්වම අපිට බනිනවා,අපිට බැනුම් අහලා පුරුදුයි.අපි මේ වී වගා කරන්නේ කාට කන්න දෙන්නද, ඒ නිසා කුඹුරුවල වී වගාවට අමතරව වෙනත් ස්ථිර භෝග වගා කළ යුතුමයි.
සමාරම්භක උත්සව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යය ටී.බී.සරත් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වරයා හා,කෘෂිකර්ම ක්ෂේත්රයේ ඉහළ නිලධාරීන් සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd