ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය සංචාරයකට පැමිණියේය. ජපාන අග්‍රාමාත්‍ය ලෙස ෆුමියෝ කිෂිඩා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය. ඉන්දියාව රුසියාවේත් යුක්රේනයේත් මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදයේ දී මධ්‍යස්ථව කටයුතු කරයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙලා දැකීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයට විරුද්ධ වන ලෙසත් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් ඉල්ලා සිටියේය.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ ද සමීප මිතුදම් පවතින බැවින්, ඉන්දියාවට අඩු මිලට තෙල් සහ වායු ලබා දීමට පවා රුසියන් ජනාධිපති පුටින් එකඟවී ඇත.

(එන්.ඩී.ටීවී.)