
යතුරුපැදි සහ ත්‍රීරෝද අගනුවරට ඇතුළු වීම තහනම් කිරීමට බුරුණ්ඩි රජය තීරණය කර තිබේ. බුරුණ්ඩි යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර එහි අගනුවර වන්නේ බුජුම්බුරාය.
බුජුම්බුරා අගනුවර මාර්ග අනතුරුවලට හේතුව යතුරු පැදි සහ ත්‍රීරෝද යැයි පෙන්වා දෙමින්, රජය මෙම තීරණය ගත් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
නගරයට පිවිසෙන මාර්ග සියල්ලට පොලිසිය මාර්ග බාධක යොදා ඇති බවත් යතුරුපැදි හෝ ත්‍රීරෝද රථවලට හෝ ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් වාර්තා වේ.
දිනපතා ලක්ෂ 6 කට වැඩි පිරිසක් බුජුම්බුරා අගනුවරට පැමිණෙන්නේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලිනි. එසේ පැමිණෙන අයගෙන වැඩි දෙනා තරුණ තරුණියන් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd