රුසියානු-යුක්රේන යුද ගැටුම් හේතුවෙන් යුක්රේන කුඩා දරුවන් 115 දෙනෙකු මිය ගොස් ඇතැයි යුක්රේන නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
තවත් කුඩා දරුවන් 150 දෙනෙක් පමණ රුසියානු හමුදා ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇතැයි එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඊයේ (20) දින රුසියානු හමුදා මෝටර් ප්‍රහාරයක් හේතුවෙන් කර්කිව් නගරයේ අවුරුදු 9 ක යුක්රේන දරුවෙකු මියගිය අතර එම දරුවා ද එම 115 ට අයිති වන බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.
වැඩිම දරුවන් මියගොස් ඇත්තේ කිව් නගරයෙන් වන අතර එය 58 බවත් දෙවැන්න කර්කිව් පළාතෙන් බවත් එය 36 බවත් යුක්රේන බලධාරීහු පැවසූහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd