කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක් කොතරම් මිනිසාට තර්ජනයක් වන්නේදැයි පෙන්වීමට ජගත් විද්‍යාඥයන් නව අධ්‍යයනයක් සිදු කර තිබේ.
ඒ අනුව, ඖෂධ නිපදවීමේ ක්ෂේත්‍රය කෘතිම බුද්ධි පරිගණක පද්ධතියකට සම්බන්ධ කළොත්, එම කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතිය මාරාන්තික රසායනික අවි 40,000ක් සොයා ගනු ඇති බවත්, එසේ කිරීමට අවශ්‍ය වන්නේ පැය 6 ක් පමණක් බවත් නව අධ්‍යයනයෙන් හෙළි වී ඇත.
කෘත්‍රිම බුද්ධියක් ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකි සේම ජීවිත දස දහස් ගණනක් තත්පර කිහිපයකදී විනාශ කළ හැකි බව ද පෙන්වීමට මෙම අධ්‍යනය සිදු කළ බව පර්යේෂකයෝ පැහැදිලි කරති.
මෙම අධ්‍යනයේ දී ඖෂධ නිපදවීමේදී ඇතුළත් කරන දත්ත අවභාවිතයට ලක් කරමින්, පැය හයක කාලයක් ඇතුළත ලොව මෙතෙක් නිපදවා ඇති මාරක ස්නායු කාරකයක් වන වී.එක්ස්. සංයෝගය පමණක් නොව, හඳුනා නොගත් වී.එක්ස්. සංයෝගයට වඩා භයානක සංයෝග ද නිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධියකට හැකියාව ලැබෙනු ඇතැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
(විදෙස් මාධ්‍ය)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෘත්‍රිම බුද්ධියේ තරම ලොවට කියයි