
යුක්රේනයේ පිළිකා රෝගී දරුවන් 19 දෙනකු රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන් හමුවට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අමතක නොකළේය.
දරුවන් ප්‍රතිකාර ලබන්නේ රෝමයේ ගැම්බිනෝ බෙසෝ ළමා රෝහලේය. මෙම රෝහලේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වාට්ටු දෙකකි.
ඊට අමතරව රුසියන් ප්‍රහාරවලින් තුවාල ලැබූ යුක්රේන දරුවන් 50 කට වැඩි පිරිසක් ද මෙම පසුගිය දිනවල මෙම රෝහලෙන් ප්‍රතිකාර ලැබූ බව රොයිටර් පුවත් සේවය පවසයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අවස්ථාවේ සිට පාප්තුමන් ඊට සිය විරෝධය පළ කර තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd