ප්‍රසිද්ධ හොලිවුඩ් නලු යුවළක් වන මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් යුක්රේන සරණාගතයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 35 ක ආධාර එක්රැස් කිරීමට සමත් වී සිටිති.
මිලා කුනිස් යුක්රේනයේ උපත ලබා ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ හොලිවුඩය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
යුක්රේන සරණාගතයන් වෙනුවෙන් 65000 පමණ පිරිසක් මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර් ගේ අරමුදලට ආධාර කර ඇති බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.
කුචර්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝ පණිවිඩයක් තබමින් ආධාර කළ 65000 පිරිසට ස්තුති කිරීමටද කුචර් සහ කුනිස් යුවල අමතක නොකළ බව ද පැවැසෙයි.
මෙම සද්ක්‍රියාව සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ අවධානය යොමු විය.
ජනාධිපති සෙලෙන්ස්කි ගේ නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් හොලිවුඩ් නළු යුවළගේ මෙම සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වූ ජනාධිපති සෙලෙන්ස්කි යුවළගේි අධිෂ්ඨානශීලි බව සම්බන්ධයෙන් තමන් ඉතාමත් පැහැදුණු බව පැවසුවේය.
(ඩේලිමේල්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොලිවුඩ් නළු නිළි යුවළ ආධාර රැස් කරයි