ඔස්ට්‍රේලියාව විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ විදෙස් සංචාරකයන් සඳහා ලබන 21 වැනිදා සිට දේශසීමා විවෘත කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (7) පැවැසීය. 07 February 2022
ඉන්දියාව කට්ට නැතුව එන්නත් දෙයි ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දියාව නිපදවූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත, බිහාර් ප්‍රාන්තයේ පැට්නා නුවර වැසියන්ට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. 07 February 2022
උතුරු කොරියාව මුදල් සොරකමක උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 07 February 2022
ප්රචණ්ඩ සුළි කුණාටුවක් මැඩගස්කරයට කාලගුණ විද්‍යාඥයන් විසින් ’බට්සිරායි’ යන නමින් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ මැඩගස්කර දූපත් රාජ්‍යයට කඩා වැදුණි. 06 February 2022
කැමිලා රැජින වෙන්නයි යන්නේ තමාගෙන් පසු චාල්ස් කුමරු කිරුළු පලදින විට, චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල්හි කැමිලා පාකර් ආදිපාදවරිය රැජින යන ගෞරව නාමයෙන් හැදින්විය යුතු යැයි දෙවැනි එලිසබත් මහ රැජින පවසා තිබේ. 06 February 2022
ඇෆ්ගනිස්තානයේ භූමි කම්පාවක් ඇෆ්ගනිස්තානයේ ෆයිසාද්බාද් අසල භූමි කම්පාවක් හටගත්තේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 5.7 ක් ලෙසිනි. 05 February 2022
ඔලිම්පික් අමුත්තන්ට චීන ජනපතිගෙන් සාදයක් චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්වීය. 05 February 2022
ගීත කෝකිලාවියගේ තත්ත්වය බරපතලයි ’කොවිඩ් 19’ ආසාදනය වූ ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය බරපතල බවත් ඇය මේ වනවිට වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. 05 February 2022
ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක් මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් කාලය සමග සටන් කරමින් සිටින බව පැවැසෙයි. 04 February 2022
තෙල් සමාගම්වලට සයිබර් ප්‍රහාරයක් යුරෝපයේ ප්‍රධාන තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. 04 February 2022
හදුනා නොගත් කොරෝනා ප්‍රභේදයක් මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි. 04 February 2022
ඉන්දියාවේ කොරෝනා මරණ 500,000 පනී ඉන්දියාවේ අද (4) කෝවිඩ් මරණ 1,072 ක් වාර්තා වූ බවත් ඒ සමග එරට සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 500,000 පසු කළ බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාවේ මේ වනවිට සමස්ත ’කොවිඩ් 19’ මරණ ගණන 500,055 කි. 04 February 2022
ඩී.එන්.ඒ. එන්නත භාවිතයට සැරැසෙයි ’සයිකොව්-ඩි’ නම් ලොව ප්‍රථම ඩී.එන්.ඒ කෝවිඩ් මර්දන එන්නත භාවිතා කිරීමට ඉන්දියාව සුදානමින් සිටී. 04 February 2022
ෆේස්බුක් වැටිලා ෆෙස්බුක් මවු සමාගමේ කොටස් වෙළඳපොල කොටස් වල වටිනාකම පහත වැටී ඇත. ෆෙස්බුක් මවු සමාගම තම සන්නාමය මෙටා ලෙස පසුගිය වසරේ වෙනස් කෙරිණ. 04 February 2022
’කොවිඩ් 19’ සටන් විරාමයක් ශීත කාලය අවසන් වීමත්, වේගවත් එන්නත්කරණයත්, ඔමික්‍රෝන් විකෘතිය සැර බාලවීමත් නිසා යුරෝපා රටවල ’කොවිඩ් 19’ සටන් විරාමයක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කරයි. 04 February 2022
අයි.එස්. නායකයා මරා දැමේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 03 February 2022
‘පොසිටිව්’ වුණත් නිරෝධායනයක් නෑ පී.සි.ආර්. සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණවලින් ‘කොවිඩ් 19’ ආසාදතයන් ලෙස තහවුරු වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම්, ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසයි. 03 February 2022
බ්‍රිතාන්‍ය අගමැති රුසියන් ජනපති අමතයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. 03 February 2022
ටොංගා දූපත් රාජ්‍යය පළමු වරට ‘ලොක්ඩවුන්’ ගිනි කඳු පිපිරීමෙන් හානියට පත්වී, සුනාමියකින් ද බැට කෑ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ‘කොවිඩ් 19’ ආසාදිතයන් හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කිරීමට අග්‍රාමාත්‍ය සියෝසි සොවාලේනී තීරණය කළේය. 03 February 2022
ඇමෙරිකන් සෙබළුන් 3,000 ක් යුරෝපයට නැගෙනහිර යුරෝපා රටවලට ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් අණ දුන්නේය. ඒ අනුව, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින යුද උණුසුම තවත් උණුසුම් වී තිබේ. 03 February 2022
බ්‍රිතාන්‍ය අගමැති-යුක්රේන ජනපති හමුවෙයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කටයුතු කළේය. 02 February 2022
ඔමික්‍රෝන්වලට වඩා උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේදය ද මේ වනවිට රටවල් 57 කට ව්‍යාප්තවී ඇති බවත්, එය ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 02 February 2022
යුද්ධයකට යන්න ඕනෑකම ඇමෙරිකාවට රුසියාව යුද්ධයකට පටළවා ගැනීමට උත්සාහ දරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධයකට යෑමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 02 February 2022
මාලි ප්‍රංශ තානාපතිට යන්න කියයි ප්‍රංශ තානාපති ජොඑල් මෙයර් හට මාලි රාජ්‍යයෙන් පැය 72ක් ඇතුළත පිටව යන ලෙස මිලිටරි ජුන්ටාව දැනුම් දී ඇත. 01 February 2022
කැනඩා අගමැතිටත් කොවිඩ් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 February 2022
බොලිවුඩ් සුරූපිනිය කාජල්ටත් ’කොවිඩ්’ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 01 February 2022
ජගත් ආරක්ෂක මණ්ඩලයේ ගාලගොට්ටියක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටීම සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අතර, එහිදී ඇමෙරිකන් සහ රුසියන් නියෝජිතයන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 01 February 2022
ජර්මන් පොලිස් නිලධාරීන්ට වෙඩි ජර්මනියේ ප්‍රංශ දේශසීමාවට යාබද, කුසෙල් දිස්ත්‍රික්කයේ රයින්ලැන් පැලැටිනේ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් ජර්මන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 February 2022
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්රබලතම මිසයිල අත්හදා බැලීම වේ . 31 January 2022
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 31 January 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026