
නිරිතදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් බැතිමතුන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 80 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි පොලිසිය සැක කරයි. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පෙෂවෝර් නුවර කූෂා රයිසල්දාර් මුස්ලිම් පල්ලියටය.
බෝම්බ ප්‍රහාරයට පෙර, බෝම්බ කබාවලින් සැරැසී සිටි ත්‍රස්තයන් දෙදෙනකු වෙඩි තබමින් පල්ලියට කඩා වැදී ඇත. බෝම්බය පුපුරුවා ගෙන ඇත්තේ එයින් එක් ත්‍රස්තවාදියකු යැයි පැවැසෙයි.
වෙඩි ප්‍රහාර එල්ල කරමින් පල්ලියට කඩා වැදුණු අවස්ථාවේදී, පල්ලියේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සහ ත්‍රස්තයන් අතරේ දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවිය. එයින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අද (4) සවස් වනවිටත් කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන තිබුණේ නැත. ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබුණි.
තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd