
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
සතියකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට හැකිවනු ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි ද ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
ජනාධිපති සෙලෙන්ස්කී කළ යෝජනාවට තවමත් රුසියන් ජනාධිපති පුටින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. පුටින් පවසා ඇත්තේ තමන් සැලැසුම් කළ ආකාරයට යුද්ධය සිදුවෙමින් පවතින බවය.
‘රුසියන් ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලීමක් කරනවා. අප මුහුණට මුහුණ හමුවී අර්බුදය විසඳා ගන්න කතා කරමු. මා පුටින්ගෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීත් හමුවී සාකච්ඡා කරන්න ඇරැයුම් කළා ඒත් ඔහු කැමැති වුණේ නැහැ. පුටින්ට මා කියන්න කැමැතියි, මා හමුවෙන්න බය වෙන්න එපා. මා හපා කන්නේ නැහැ.’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
යුක්රේන හමුදාව, යුක්රේන සිවිල් වැසියන් ‘මිනිස් පළිහක්’ ලෙස යොදා ගන්නවා යැයි රුසියන් ජනාධිපති පුටින් යුක්රේන ජනාධිපතිට චෝදනා නගා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ යුක්රේන් ජනාධිපති කතා කරනවා වැඩියි..
බැලුවේ ඇමෙරිකාව, යුරෝපය එකතු කරන් රුසියාවට වැඩේ දෙන්න. වැඩේ හරිගියේ නැති වුණාම සාකච්ඡා.. ඕකට තමයි කියන්නේ කපන්න බැරි අත ඉඹිනවා කියලා..
උද්ධච්ච මී පැටියෙක්... සිංහයෙක් තර්ජනය කරන කතාව මතක් වුණා...
යැංකින් කියන දේවල් අහන්නේ නැතිව ස්වාධීනව හිටියා නම් හැමෝම ගොඩ නේද? යැංකින්ට තියෙන්නේ කාට හරි උගුල් අටවලා තමන්ගේ ආයුධ ටික විකුණගන්න මාන බලන එකනේ... ලෝකයේ සිද්ද වුණු යුද්ධවලින් වැඩිපුරම ලාබ ලැබුවේ කවුරුන්ද කියලා හිතලා බලන්නකෝ... හොඳම දේ නම් තමන්ගේ පාඩුවේ ඔක්කොම එක්ක ශේප් එකේ ඉන්න එක...
ඒ වුණාට පුටින්, යුක්රේන ජනාධිපතිව හපාකෑවොත්..?
කෝ ඉතින් ඔය කියන බටහිර මිත්‍රයින් යුක්රේනය බේරගන්න ආවාද? විපතකදී උදව්කරන මිතුරන් පමණක් සැබෑමිතුරන් කියන්නේ ඒකයි. තවත් විහිළු වැඩ නොකර තමන් අමාරුවේ දැමූ බටහිර මිතුරන් ගෙන් ඈත්වී රටට අතිවූ යුද විනාශය වළක්වා ගැනීමට කටයුතු කළොත් නුවණට හුරුයි.