
රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කළහ.
සතුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථවලට පවා රුසියන් හමුදා මෝටර් ප්‍රහාර එල්ල කළ බව ද පැවැසෙයි. සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කළේ තමන් දිවි පරදුවට තබා සත්වෝද්‍යානයේ සතුන් ආරක්ෂා කර ගත් බවය.

දින 6 ක ගමනකින් පසු එම ට්‍රක් රථ පෙළ මෙට්යාකා දේශසීමාව හරහා පෝලන්තයට ඇතුළු වුණු බවත් සතුන් පෝලන්තයේ පොස්නාන් සත්වෝද්‍යානයට ගෙන ගිය බවත් ඩේලිමේල් පුවත් සේවා වාර්තා කරයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට මේ සත්ව උයන් සංකල්පයෙන් එළියට එන්න බැරිද? අදාළ නැති පරිසරවල මේ අසරණ සත්තු මොන තරම් දුකක් විඳිනවද? මේ සත්තුන්ගේ මානසිකත්වය ගැන කවුද හිතන්නේ..? සත්ව හිංසනයේ උපරිම අවස්ථාවක් තමයි මේ... අපි කවද්ද මේ වරද්ද නිවැරැදි කරගන්නේ...?
යුද්ධයෙන්වත් ඒ සතුන්ට නිදහස ලැබෙන්න යන වෙලාවේ ඒකත් වලකලා...