කොරෝනා මරණයක් නිසා භූතානයේ අගමැති දුකෙන් ‘කොවිඩ් 19’ වසංගතය ඉතා සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස සැලකෙන භූතානයෙන්, සිවුවැනි ‘කොවිඩ් 19’ මරණය වාර්තා වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරිංග් ඒ ගැන දැඩි ලෙස ශෝකයට පත් විය. 31 January 2022
පාකිස්තානයට චීනයෙන් ඩොලර් බිලියන 3 ක ණයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, චීන සංචාරයක නියැලීමට සූදානමින් සිටින බවත්, එම සංචාරය අතරතුරේ පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට චීනය සූදානමින් පසුවන බවත් වාර්තා වේ. 31 January 2022
හමුදා යැවීමේ අදහසක් නැහැ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළත්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, නේටෝ හමුදා යුක්රේනයට යැවීමේ කිසිදු අදහසක් නැතැයි ‘නේටෝ’ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියයි. 30 January 2022
කැනඩා අගමැති-පවුලේ අය සැගවිලා ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ රජය තීරණය කිරීමත් සමඟ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ. 30 January 2022
නවසීලන්ත අගමැති හුදෙකලා වෙයි ‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ලබන අඟහරුවාදා (1) වනතුරු ස්වයං නිරෝධායනයට යොමු වුණු බව පැවැසෙයි. 30 January 2022
ඇමෙරිකාවට ප්රචණ්ඩ හිම කුණාටුවක් ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත රැසක් හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය. 30 January 2022
රුසියාවේ ’කොවිඩ්’ ඉහවහා යයි රුසියාවේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ. 30 January 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට යන්න සූදානම් පවතින අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදුම් සෙවීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් වෙයි. 30 January 2022
ඇෆ්ගන් වැසියන්ට කන්න නෑ ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානියා යළිත් වරක් ලොවට අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගන් වැසියන්, ජීවත්වීම සඳහා සිය දරුවන් සහ ශරීර කොටස් විකිණීමට යොමු වී ඇති බවය. 30 January 2022
බයිඩන් පවුලට බළල් සුරතලෙක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග බළල් සුරතලකු ද ධවල මන්දිරයේ සිටින බව වාර්තා වේ. 29 January 2022
තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. 29 January 2022
ඇමෙරිකාවේ පාලමක් කඩා වැටෙයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පිට්ස්බර්ග් නගරයේ සංචාරය කිරීමට පැය කිහිපයකට පෙර පිට්ස්බර්ග් නගරයේ හිමෙන් වැසුණු පාලමක් කඩා වැටී ඇත. 29 January 2022
නොකළ වරදකට 37 වසරක් හිරේ ඉදලා මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී වසර 37 ක් බන්ධනාගාරගතව සිටි ඇමෙරිකානුවකුට නිදහස හිමිවිය. 29 January 2022
බයිඩන්ගෙන් යුක්රේන ජනාධිපතිට ඇමැතුමක් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි. 28 January 2022
ඉන්දීය විදේශ ඇමැතිට ‘කොවිඩ්’ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 28 January 2022
හොන්ඩුරාස් රාජ්‍යයයේ ජනපති ධුරය කාන්තාවකට ආර්ථික සහ දේශපාලනික අර්බුද රැසකට මුහුණ දෙන ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනපති ධුරය සඳහා තේරී පත්ව සිටි සියෝමාරා කස්ත්‍රෝ ඊයේ (28) එම ධුරයේ දිවුරුම් දුන්නාය. 28 January 2022
දිවුරුම් දීමේ ප්‍රධාන අමුත්තිය කමලා හැරිස් සියොමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නාය. දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් ද සහභාගී වූවාය. 28 January 2022
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක් චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි. 28 January 2022
යුක්රේනයේ වෙඩි තැබීමක් යුක්රේනයේ වෙඩික්කරුවෙකු ඩිනිප්‍රෝ නගරයේ මිසයිල කර්මාන්ත ශාලාවක අලුයම 4 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරීන් පස් දෙනෙක් මියගොස් පස් දෙනෙක් තුවාල ලැබූහ. 27 January 2022
ලංකාවේ අලි ගැන ඩිකැප්රියෝ කනස්සල්ලෙන් අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ ප්ලාස්ටික් ආහාරයට ගෙන අලි මියයෑම හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ. 27 January 2022
‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය බිහිසුණුයි ඩෙන්මාර්කයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය උප ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය සාමාන්‍ය ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට වඩා බිහිසුණු, වේගයෙන් සම්ප්‍රේෂණය වන විකෘතියක් බවත් ඩෙන්මාර්ක සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හුනිකේ පවසයි. 27 January 2022
එල්ල වන පීඩනයට පිළිතුරු දෙන්න වෙනවා ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂක කොන්දේසි ප්‍රතික්ෂේප කරමින්, දැඩි මාවතක් අනුගමනය කළහොත්, ඉතා ඉක්මනින් තමාට එල්ලවන පීඩනයට පිළිතුරු දීමට සිදු වන බව රුසියාව අනතුරු අඟවයි. 27 January 2022
ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක් ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි. 27 January 2022
ජිප් රිය පෙරැළිලා වෛද්‍ය සිසුන් 7 ක් මරුට ඉන්දියාවේ රිය අනතුරකින් වෛද්‍ය සිසුහු හත් දෙනෙක් මියගියහ. අනතුර සිදුවූයේ ඔවුන් ගමන් එස්.යූ.වී රථය පාලමකින් පෙරැළීමෙනි. 27 January 2022
කොරෝනා රෝගීන්ට දිගුකාලීන ආබාධ කෝවිඩ් රැල්ලෙන් කෝවිඩ් රෝගය අසාදනය වූ රෝගීන්ගෙන් අඩකට පමණ දීර්ඝ කාලීනව හෝ ජිවිත කාලයටම බලපාන ලෙස අතුරු ආබාධ ඉතුරු වී ඇතැයි ස්වීඩනයේදී සිදු කල අධ්‍යනයක මුලික අදියරේ දී සොයාගෙන ඇත . 26 January 2022
අගමැති ජොන්සන්ට එරෙහි පොලිස් විමර්ශනයක් ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රජය සහ සෞඛ්‍ය අංශ පැනැවූ නිරෝධායන නීතී උල්ලංඝනය කරමින්, අග්‍රාමාත්‍ය නිල නිවසේ මධුවිත සාද පැවැත්වීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ලන්ඩන් මෙට්‍රෝපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 26 January 2022
බයිඩන්ගෙන් පුටින්ට තර්ජනයක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. 26 January 2022
ඉන්දියාව 73 වැනි ජනරජ දිනය සමරයි ඉන්දියාව සිය හමුදා ශක්තිය ද ලොවට ප්‍රදර්ශනය කරමින්, 73 වැනි ජනරජ දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරුවේය. 26 January 2022
රොකට්ටුවක් හඳේ හැපෙන්න යනවා වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති. 26 January 2022
ෆ්ලොරීඩා මුහුදේ බෝට්ටුවක් පෙරැළෙයි ඇමෙරිකාව ෆ්ලොරීඩා මුහුදු තීරයේ සිදුවුණු බෝට්ටු අනතුරකින්, අතුරුදන් වුණු 39 දෙනකු සොයා ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මේවනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 26 January 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026