
යුරෝපා සංගමයේ රටවලට ඉහළින් ඇති ගුවන් කලාපය රුසියානු ගුවන් යානාවලට තහනම් බව යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධානී උර්සුලා වොන් ඩර්ලින් පවසා තිබේ.
‘රුසියාවට අයත් සහ රුසියාවේ ලියාපදිංචි ගුවන් යානාවලට යුරෝපා සංගමයේ රටවල ගුවන් සීමාවට පිවිසෙන්න හෝ ගුවන් සීමාව හරහා පියාසර කිරීමට හෝ මින් ඉදිරියට අවසර ලැබෙන්නේ නැහැ.’ යැයි ප්‍රධානී උර්සුලා වොන් ඩර්ලින් පැහැදිලි කළාය.
රුසියාවේ විශාලතම ගුවන් සේවාව වන්නේ ‘ඒරෝෆ්ලෝට්’ සමාගමය. ඔවුන් පවසා ඇත්තේ යුරෝපා සමංගමය ගත් මෙම තීරණය හේතුවෙන් යුරෝපා රටවල් සමඟ ගුවන් ගමන් සියල්ල නැවැත්වීමට පියවර ගත් බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd