IMG-LOGO

කිසිම සෙබළකු බලෙන් යුක්රේනයට යවලා නෑ

යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ රුසියන් හමුදාවේ පළපුරුදු, දක්ෂ, විනය ගරුක මෙන්ම වෘත්තීයමය සොල්දාදුවන් බවත්, බලහත්කාරයෙන් කිසිම කෙනකු හමුදාවට බඳවා ගෙන යුක්රේනයට යවා නොමැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ.

ඊට අමතරව, යුක්රේන හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ රුසියන් හමුදාවේ ප්‍රධාන පෙළෙ සොල්දාදුවන් පමණක් බවත්, අමතර බලඇණි කිසිවක් එම හමුදා ක්‍රියා මාර්ගයට සම්බන්ධ කර නොගන්නා බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

“රුසියන් සොල්දාදුවන්ට පැහැදිලි අරමුණක් තිබෙනවා. ඔවුන් යුක්රේනයට ගොස් එම අරමුණට අනුව, එය සාර්ථක කර ගැනීමට කටයුතු සිදු කරාවි. ඔවුන් හැමවිටම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරාවි.” යැයි රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කළේ ජගත් කාන්තා දිනය වෙනුවෙන් මොස්කව් අගනුවර පැවැත්වුණු විශේෂ උත්සවයේදීය.

රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැහැදිලි කළේ රුසියන් හමුදාව බලහත්කාරයෙන් ගැටවර වියේ තරුණයන් හමුදාවට බඳවාගෙන ඔවුන් රටවා යුක්රේනයට එවා ඇතැයි යුක්රේන රජය කරන චෝදනාවලට පිළිතුරු දක්වමිණි.

යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ එවැනි තරුණ රුසියන් සොල්දාදුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පවා යුක්රේන රජය කටයුතු කරන බව ද පැවැසෙයි.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත්තේ, තම රට ආක්‍රමණය කිරීමට පැමිණ යුද අපරාධ සිදු කරන කිසිම රුසියන් සොල්දාදුවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඔවුන් ලුහුබැඳ ඝාතනය කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

කිසිම සෙබළකු බලෙන් යුක්රේනයට යවලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site