
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
“ඇමෙරිකාවේ සහාය ඇතිව විදේශයකට පලා යෑමට හැකියාව තිබුණත් රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සෙලෙස්කී රටින් පැන යෑම ප්‍රතික්ෂේප කළා. ඔහු රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මියයෑමට පසුබට වෙන්නේ නැහැ’ යැයි චෙක් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd