රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි.
රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් රුසියාවට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ආර්ථික සම්බාධක පැනැවීම් සිදු කර ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාව මට්ටු කිරීමට එම සම්බාධක ප්‍රමාණවත් නොවනු ඇති බවය.
රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම සීමා කිරීමටත්, පසුව එය මුළුමනින්ම නැවැත්වීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීණය කළේ ඒ අනුවය. මේ අතර, යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් ද රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.
රුසියාවෙන් වැඩි වශයෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සිදු කරන්නේ මහා බ්‍රිතාන්‍යය ද ඇතුළු සෙසු යුරෝපා රටවල්ය. රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම නතර කළොත් මෙම රටවලට මැදිපෙරදිගින් තෙල් සහා වායු මිලදී ගැනීමට සිදුවනු ඇති අතර එය මැදපෙරදිගින් තෙල් සහ වායු මිලදී ගන්නා අනෙක් රටවලට ගැටලුවක් වනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් තෙල් ආනයනය නවත්වයි