යුක්රේනය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 723 ක මූල්‍ය පැකේජයක් අනුමත කිරීමට ලෝක බැංකුව පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම මූල්‍ය පැකේජය ලබා දීම සිදුවනු ඇත්තේ රුසියානු හමුදා ප්‍රහාර හමුවේ පීඩාවට පත්වුණු යුක්රේන වැසියන් වෙනුවෙන් යැයි ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව, යුක්රේන රෝහල් සේවකයන්ට වැටුප් ගෙවීම, අවාදානමට ලක් වූවන් සඳහා අරමුදල් සැපැයීම ආදිය සඳහා මෙම මූල්‍ය පැකේජය යොදා ගැනීමට යුක්රේන රජයට හැකිවනු ඇතැයි ලෝක බැංකුව පැහැදිලි කර ඇත.
ඉදිරියේ දී යුක්රේනය සඳහා ඩොලර් බිලියන 3 ක මූල්‍ය පැකේජයක් ද ලබා දීමට පියවර ගන්නා බව ලෝක බැංකුව වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේනයට ඩොලර් මිලියන 723 ක්