චීනයේ කාලගුණය අයහපත් චීනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී එරට මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන් යැයි පැවැසෙන පුද්ගලයන් ගණන 14 කි. 25 August 2024
යුද්ධය නවත්වන හැටි මෝදි කියයි යුක්රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු - යුක්රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කීව් අගනුවර ස්ථාපිත කර ඇති මහත්මා ගාන්ධි ස්මාරකය නැරඹීමට අමතක නොකළේය. 25 August 2024
ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම් ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 August 2024
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක් ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 25 August 2024
අගමැති මෝදි යුක්රේනයට එයි රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 23 August 2024
තායි දේශපාලනඥයෙක් මාධ්‍යවේදිනියට ගහලා මාධ්‍යවේදිනියකට අතුල් පහරක් එල්ල කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් තායිලන්ත දේශපාලනඥයකු සම්බන්ධයෙන් එරට පාර්ගිමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 23 August 2024
මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය. 23 August 2024
මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය ‘ජපන් එන්සෙපලයිටිස්’ (මොළේ උණ) වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ඇමෙරිකාවේ කුඩා නගරයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 23 August 2024
ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙලා ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් පතලකින් හමුවූ බව කැනේඩියානු දියමන්ති සමාගමක් වන ලුකාරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැරට් 2492 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තියද වන බව එම සමාගම පැවැසුවේය. 23 August 2024
වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. 23 August 2024
ඉන්දීය මගී යානයක බෝම්බ බියක් ඉන්දීය ගුවන් යානයක උදෑසන බෝම්බ බියක් හටගත්තේය. එම අවස්ථවේ, ගුවන් යානය, මුම්බායි නුවරින් පියාසර කිරීම ආරම්භ කර තිබුණි. බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය කඩිනමින්, කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑවේය. 22 August 2024
ඉන්දියාවේ ඖෂධ කම්හලක පිපිරීමක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ. එසේ මියගිය, මියගිය 16 දෙනාගෙන් 10 දෙනකු හඳුනාගෙන ඇති අතර, එම කම්හලේ දිවා ආහාර විවේකයේදී පිපිරීම සිදුවුණු බව ද පැවැසෙයි. 22 August 2024
පාසල් බසයක් ගනි තියන්න හදලා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උත්සවයක් අතරතුරදී කලහකාරී, මැර පිරිසක් කුඩා දරුවන් ගමන් කරමින් සිටි බස් රථයකට ගිනි තැබීමට උත්සාහ ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය වහා එම ස්ථානයට පැමිණි බැවින්, දරුවන්ගේ ජීවිත බේරුණු බව පැවැසෙයි. 22 August 2024
කලබල එපා: ‘වඳුරු උණ’ ‘කොවිඩ්’ වගේ නොවෙයි අප්‍රිකා රටවලින් ආරම්භ වී, සෙසු රටවලට ව්‍යාප්තවීමට පටන්ගත් ‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසයට සමාන කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපා කලාපයේ ප්‍රධානී හාන්ස් ක්ලූජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. 21 August 2024
රුවුල නැති ආරක්ෂක අංශ සාමාජිකයන්ට දඬුවම් මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයන් 280 දෙනකුට ෂරියා නීතිය යටතේ දඬුවම් දීමට, ඇෆ්ගන් තලේබාන් රජය පියවරගෙන ඇත. 21 August 2024
වෛද්‍ය සිසුවියගේ අනන්‍යතාව හෙළි කරන්න එපා අතවරයට ලක් වී ඝාතනය කෙරුණු ඉන්දීය වෛද්‍ය සිසුවියගේ විස්තර සහ ඡායාරූප, සමාජ මාධ්‍යවලින් ඉවත් කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 21 August 2024
පුටින් අසර්බයිජානයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, දෙදින නිල සංචාරයක් සඳහා අසර්බයිජානයට පැමිණියේය. පුටින්, අසර්බයිජානයේ නිල සංචාරයකට පැමිණියේ වසර 6 කට පසුව යැයි ද පැවැසෙයි. අසර්බයිජානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයකි. 20 August 2024
ඇමෙරිකාවේ වයිරස බියක් ‘බී19’ වයිරසය, ඇමෙරිකානුවන් අතරේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට බෝවන රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි. 20 August 2024
ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය අන්තවාදීහු බාරගනිති ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් අසල බෝම්බයක් පුපුරා ගියේය. එම බෝම්බ ප්‍රහාරයේ වගකීම ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඔවුන්ට සහාය දක්වන ඉස්ලාමීය ජිහාද් සටන්කාමී සංවිධානය බාරගෙන ඇත. 20 August 2024
ඔක්ස්ෆර්ඩ් කුලපති වෙන්න ඉම්රාන් සූදානම් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 20 August 2024
දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා කඩිනමින් මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, මැතිවරණයක් පැවැත්වීමට පෙර, නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, බංග්ලාදේශයේ නව පාලක මුහම්මද් යූනිස් පවසයි. 20 August 2024
යුක්රේනයට යන්න අගමැති මෝදි සූදානම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එලැඹෙන සිකුරාදා (23) යුක්රේනයේ කීව් අගනුවරට ගොස් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට නියමිතය. 20 August 2024
චීන ජනපති වියට්නාම නව නායකයා හමුවෙයි චීන ජනාධිපති ෂී ජින්පින් සහ වියට්නාම නව ජනාධිපති ටෝ ලෑම් අතර හමුවක් චීනයේ බීජීං අගනුවරදී පැවැත්විණි. ඒ, ජනාධිපති ටෝ ලෑම් චීන සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදීය. 20 August 2024
වඳුරු උණ මරණ 548 දක්වා ඉහළට වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 20 August 2024
සුඛෝපබෝගී යාත්‍රාවක් අනතුරේ ඉතාලියේ, සිසිලි දූපත් ආශ්රිත මුහුදේ සුඛෝපභෝගී රුවල් යාත්‍රාවත් පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත්කිහිප දෙනකු අතුරුදන් බව පැවැසිණි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මයික් ලින්ච් ද අතුරදන් වූ පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 August 2024
බෙලරුසියා දේශසිමාවට හමුදාව බෙලරුසියාවේ දේශසීමාවට හමුදා යෙදවීමට එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උපදෙස් දී ඇත. ඒ යුක්රේන හමුදා එරටට ඇතුළු වේවි යැයි බියෙනි. 19 August 2024
ජපානය භූමි කම්පාවකින් කැලැඹේ ජපානයේ ටෝකියෝ නගරයට නුදුරින් ඉබරාකි පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.1 ක් ලෙසය. 19 August 2024
හිමාල කන්දෙන් පැනලා හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය. 19 August 2024
ඉන්දියානා ජෝන්ස් තොප්පියට ඉහළ මිලක් මෙරට නළු නිළියන් බොහෝ දෙනකුගේ රංගනයෙන් හැඩ වුණු ’ඉන්දියානා ජෝන්ස්’ දෙවැනි චිත්‍රපටය වන, ’ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටය සඳහා ඉන්දියානා ජෝන්ස් පැලඳි තොප්පිය ඇමෙරිකන් ඩොලර් හය ලක්ෂ තිස් දහසක මුදලකට වෙන්දේසි වු බව විදෙස් මාධ්‍ය පවසයි. 19 August 2024
දකුණු අප්‍රිකාවේ දැඩි නියඟයක් දකුණු අප්‍රිකා රටවල මිලියන 68 ක් දැඩි නියඟයකින් පීඩාවට පත්වී සිටින බව විදෙස් මාධය පවසයි. 18 August 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026