
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් සටන් විරාමය සහ සාම සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක වෙයි.
සටන් විරාමය යටතේ මෙම සතිය ඇතුළත, හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සය දෙනකු නිදහස් කිරීමට නියමිතය.
එම ප්‍රාණඇපකරුවන් හය දෙනා වෙනුවෙන්, ඊශ්‍රායලය ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් පිරිසක් මුදා හැරීමට ද නියමිතය. ඊට අමතරව, පලස්තීන වැසියන්ට ගාසා තීරයේ උතුරුදිග පළාත්වල ඔවුන්ගේ ගම්බිම් බලා යෑමටත් අවසර හිමිවෙයි.
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් සටන් විරාමය සහ සාම සැලස්ම සාර්ථක කර ගැනිමේ දී ඇමෙරිකාවේ ද සහාය හිමිවෙයි.
සටන් විරාමය ආරම්භ වූයේ මීට සතියකට පෙරය. එදා සිට ඊයේ (26) වනවිට හමාස් ග්‍රහණයේ පසුවුණු සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකුට නිදහස හිමිවිය. එම හත් දෙනා වෙනුවෙන්, නිදහස ලැබූ පලස්තීන සිරකරුවන් ගණන 300 කි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න සූදානම්