
ඇමෙරිකානු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් ලබා දුන් එක් විධායක නියෝගයකට එරට ෆෙඩරල් අධිකරණය හරස් විය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවීමට අධිකරණය තීන්දු කළ බවය. ඇමෙරිකන් ජනාධිපතිවරයා, සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි නීති අනුගමනය කරයි. ඒ සම්බන්ධයෙන් ද විධායක නියෝග නිකුත් කර ඇත.
විදේශීය කාන්තාවක ඇමෙරිකාවේදී දරුවකු ප්‍රසූත කළොත්, එම දරුවාට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා දීමේ නීතියක් පැවැති අතර, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් එම නීතිය අහෝසි කළේය. විධායක නියෝගය අහෝසි කරමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ, එම විධායක නියෝගය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd