යුක්රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
එමෙන්ම රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121 ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියානු හමුදාව කියයි.
මෙම තත්ත්වය හේතුවෙන් මොස්කව් ගුවන්තොටුපළ දෙකක මෙහෙයුම් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්රේනයේ කියෙව් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් අයකු තුවාල ලැබූ බවද යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා