
රුසියාව අසල පිහිටි, යුරෝපා රාජ්‍යයක් වන, බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 1994 වසරේ සිට වසර 30 ක් තිස්සේ එරට බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට යළිත් ජනවරමක් හිමිවිය.
ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන්නේ යුරෝපයේ අවසාන ඒකාධිපතියා යනුවෙනි. ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකු වන අතර, රුසියාව සහ බෙලරූසය අතර පවතින්නේ සමීපතම මිත්‍රත්වයකි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ 70 හැවිරිදි ලුකෂෙන්කෝ, 2030 වසර තෙක් බෙලරුසියාවේ ජනාපධිති ලෙස කටයුතු කරනු ඇත. බෙලරූසියා ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකි. ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අනුව ලුකෂෙන්කෝ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 86.82 කි.
බෙලරුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස මර්දනයට ලක් කිරීමට ලුකෂෙන්කෝ සහ ඔහුගේ රජය කටයුතු කර ඇත. මෙය බටහිර රටවල දැඩි අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවකි. ලුකෂෙන්කෝ බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන්නේ ද එබැවිනි.
බෙලරුස් රාජ්‍යයේ ස්වාධීන මාධ්‍ය තහනම් කරමින් විපක්ෂයේ ප්‍රමුඛතම නියෝජිතයින් සිරගත කර හෝ විදේශගත කර ඇති බැවින් පැවැත් වුණු මෙම ජනාධිපතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් චෝදනා කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති ලුකෂෙන්කෝට ජය