
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා, එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර තිබේ.
‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ යනු සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. මොවුන් අල් කයිඩා සාමාජිකයන් වන අතර, සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වෙද්දී මොවුන් පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි.
අසාද්ගේ පාලනය පෙරළා දමා සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නව අන්තර්වාර රජයක් සිරියාවේ පිහිටුවා ඇත. සිරියාවේ සියලු ජන කොටස් නියෝජනය කරමින්, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී, මැතිවරණ පැවැත්වීමට වසර දෙකක් පමණ ගත වනු ඇතැයි නව අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා, පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd