
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිරියාවේ සංචාරකට සූදානම් වෙයි. අල් තානී, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවට පැමිණෙන පළමු අරාබි නායකයා ලෙස ද සැලකෙයි.
සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ සන්නද්ධ කණ්ඩායම් එක් වී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා නව අන්තර්වාර රජයක් පිහිටුවා ඇත.
අසාද් පාලනය අවසන් වීමෙන් පසු සිරියාවත්, කටාර් රාජ්‍යයත් අතරේ සබඳතා තර වී ඇත. කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් පසුගිය ජනවාරියේ සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඊට අමතරව, සිරියානු නව රජයේ නව විදෙස් අමාත්‍යවරයා වන අසාද් අල් ෂයිබානී කටාර් රාජ්‍යයේ සංචාරය කරමින් මිතුදම් වර්ධනය කර ගත් අතර, මේ වනවිට දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ගුවන් ගමන් කටයුතු පවා ආරම්භ වී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd