තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇරැයුම් කර ඇත. ඒ අනුව, නෙදන්යාහු ලබන 4 වැනිදා ධවල මන්දිරයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ට්‍රම්ප් සිය දෙවැනි ධුරය ආරම්භ කළේ පසුගිය 22 වැනිදා දිවුරුම් දෙමිනි. ඒ අනුව, ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, නිල වශයෙන් ඔහු හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වනු ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය.
ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වුණු අවස්ථාවේදී පවා වඩාත් සතුටට පත් වුණු ලෝක නායකයකු වන්නේ නෙදන්යාහුය. ඊට හේතුව, ට්‍රම්ප් කොන්දේසි විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීමයි.
ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පළමුවෙන් නිල වශයෙන් පිළිගත්තේ ද ට්‍රම්ප්ය. ඒ, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අතරතුරේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කරමිනි.
(එන්.ඩී.ටීවී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඊශ්‍රායල අගමැතිට ට්‍රම්ප්ගෙන් ඇරැයුමක්