
සමාජ ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක දියුණුව සහ ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සහ කල් පවත්නා උපායමාර්ගික හවුල්කාරිත්වක් ඇති බවත්, එය දිගටම පවත්වා ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි කටයුතු කරන බවත්, රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජනාධිපති පුටින් මේ බව අවධාරණය කළේ ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනය වෙනුවෙනි. ජනරජ දිනය නිමිත්තෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ද අමතක කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd