IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙලෙන්ස්කී එක්ක සාකච්ඡා බෑ - පුටින්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හැර, යුක්රේන රජයේ ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත.

සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බවත්, ඒ වෙනුවෙන් තමන් තම රජයේ නියෝජිතයකු යොදවන බවත් රුසියන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත්තේ, සෙලෙන්ස්කී, යුක්රේනයේ නීත්යාදණුකූල ජනාධිපතිවරයා නොවන බවය. රුසියන් යුක්රේන යුද්ධයට වසර තුනක් ගතවී ඇති අතර, මේවනවිට යුක්රේනයේ යුද නීතිය ක්‍රියාත්මක වෙයි.

යුද්ධය අතරතුරේ සහ යුද නීතිය රටේ පවතින අතරතුරේ සෙලෙස්කීගේ ධුර කාලය ද අවසන් විය. යුද්ධය සහ යුද නීතිය හේතුවෙන ජනාධිපතිවරණයක් පැවැත් වූයේ ද නැත. සෙලෙන්ස්කීගේ ධුර කාලය මේ වනවිට අවසන් වී ඇති අතර, පුටින් ට අනුව, සෙලෙන්ස්කී යුක්රේනයේ නීත්‍යාණුකූල නොවන ජනාධිපතිවරයාය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කරන බව පවසමිනි. යුද්ධය අවසන් කරන්නැයි පුටින්, ප්‍රසිද්ධියේ යුක්රේනයටත් රුසියාවටත් දැනුම් දී ඇත.

ට්‍රම්ප්ට කන්දීමට තමන් සූදානම් බව පුටින් ද පවසා ඇත. එසේ වුවත් විදෙස් මාධ්‍ය පවසන්නේ ට්‍රම්ප් හෝ ට්‍රම්ප් පරිපාලනයේ කිසිවකු හෝ රුසියන් ජනාධිපති පුටින් සමඟ මේ සම්බන්ධයෙටන් සෘජුව සාකච්ඡා කර නැති බවය.

රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්රේනයට හමුදා ආධාර ලබා දීම වහා නවත්වන්නේ නම්, මාස දෙකකින් පමණ යුක්රේනය අසරණ වී, රුසියන් යුක්රේන යුද්ධය ද අවසන් වනු ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

සෙලෙන්ස්කී එක්ක සාකච්ඡා බෑ - පුටින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site