බයිඩන් කරුණු පහදයි
එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තමන් තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට කරුණු පැහැදිලි කළේය. ඒ, බයිඩන්, එම තීරණය ගැනීමෙන් පසු, සිය පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.